අද දිනයේදීත් පළාත් 08කට මිලි මීටර් 100 පමණ තද වැසි

ශ්‍රී ලංකාව ආශ්‍රිකව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුල දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ නිවේදනයේ සඳහන්.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනය මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 පමණ තද වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53