ඉරානයේ පොහොසත් යුරේනියම් තොග ප්‍රවාහනය කිරීමට සහ ගබඩා කිරීමට මොස්කව් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.
මොස්කව්හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පුටින් පැවසුවේ රුසියාව 2015 දී ඉරානයෙන් යුරේනියම් ප්‍රවාහනය කර ඇති බවත් මෙම අත්දැකීම නැවත කිරීමට රුසියාව සූදානම් බවයි.
ඉරානය සතුව 60% ක සංශුද්ධතාවයකට පොහොසත් කළ යුරේනියම් කිලෝග්‍රෑම් 450ක් පමණ ඇති අතර, එය තවදුරටත් සැකසීමෙන් න්‍යෂ්ටික අවි 10 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා ද්‍රව්‍ය ලබාගත හැකි සාන්ද්‍රණ මට්ටමක්.
මේ අතර මොස්කව්, වොෂින්ටනය සහ ටෙහෙරානය සමඟ සම්බන්ධතා පවත්වන බව පැවසූ පුටින්, ඇමරිකානු – ඉරාන ගැටුම හැකි ඉක්මනින් අවසන් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි පැවසුවේ.













