කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති අද උසාවියට – පක්ෂයෙනුත් පන්නයි

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අසාර්දින් මොයිනුධීන් අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට තැත් කළ අවස්ථාවේ දී යෝජ්‍ය නගරාධිපතිවරයා ඊයේ (08) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා මොහු මෙලෙස අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් මොහු කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ අතර, පසුව බලය පිහිටුවීමේදී මොහුගේ සහාය ද ජාතික ජන බලවේගයට හිමිවුණා.

මේ අතර ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39