හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යළිත් නොතීසි නිකුත් කෙරේ

2022 වසරේ මැයි 09 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් අලාභ හානි සිදු වූ මැති ඇමතිවරුන්ගේ නිවාස වෙනුවෙන් ලබා දුන් වන්දි මුදල් සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණා.

එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළිත් නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය නියම කළා.

මෙම නඩුවට පදනම් වී ඇත්තේ, අදාළ දේපළ හානි වෙනුවෙන් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් නීති විරෝධී අයුරින් වන්දි ලබාගෙන ඇති බවත්, එම මුදල් යළි රජයට අය කර ගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

එහි වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපතිවරයාව නම් කර තිබුණා.

අදාළ වන්දි ගෙවීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතර, එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56