2022 වසරේ මැයි 09 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් අලාභ හානි සිදු වූ මැති ඇමතිවරුන්ගේ නිවාස වෙනුවෙන් ලබා දුන් වන්දි මුදල් සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණා.
එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළිත් නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය නියම කළා.
මෙම නඩුවට පදනම් වී ඇත්තේ, අදාළ දේපළ හානි වෙනුවෙන් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් නීති විරෝධී අයුරින් වන්දි ලබාගෙන ඇති බවත්, එම මුදල් යළි රජයට අය කර ගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්.
එහි වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපතිවරයාව නම් කර තිබුණා.
අදාළ වන්දි ගෙවීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතර, එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.













