Update – කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය සැක සහිත බැවින් ඒ සඳහා අධිකරණ වෛද්‍යවරයා විසින් මරණ පරීක්‍ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවත් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව කොල්ලුපිටිය පොලිසිය විසින් අද (08)දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කරුණු දැක්වූවා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ කොල්ලුපිටිය නිවසේ දී ඔහු සියදිවි නසාගෙන සිටි සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් කරුණු දැක්වුවා.

මහේස්ත්‍රාත් මරණ පරීක්‍ෂණ සඳහා කොටුව මහේස්ත්‍රාත්වරයා පිටව යන බැවින් නඩු කටයුත්ත පැයකට කල් තබනු ලැබුවා.

තවද පොලිසිය විසින් අධිකරණයේදී කියා සිටියේ මරණයෙන් සිදු වු ස්ථානයට අධිකරණ මරණ පරීක්‍ෂකවරයා සහ සොකෝ (SOCO) නිලධාරීන් ගොස් ඇති බවයි.

මේ අතර අතර කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සියදිවි නසාගෙන මියගොස් සිටි නිවසට මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මේ වනවිට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38