නවසීලන්ත කාන්තා ක්‍රිකට් ‘A’ කණ්ඩායම තරග සංචාරයක් සඳහා දිවයිනට

නවසීලන්ත කාන්තා ක්‍රිකට් ‘A’ කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද (08) අලුයම දිවයිනට පැමිණියා.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් ‘A’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් අතුළත්.

මෙම කණ්ඩායම අද (08) අලුයම 12.48 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, නිලධාරීන් සහ ක්‍රීඩිකාවන් 21 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන්ව පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් ‘A’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ‘A’ කණ්ඩායම අතර එක්දින තරගාවලිය ලබන 12 වනදා ආරම්භ වන අතර, විස්සයි විස්ස තරගාවලිය ලබන 21 වනදා ආරම්භ වනවා.

මෙම සියලුම තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52