කොස්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් අද (05) අලුයම් කාලයේ දී පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.
මෙම සැකකරුවන් දෙදෙනා විසින්ම එම පොලිස් සිර මැදිරිය විවෘත කරගෙන ඒ වනවිට රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ට හොර රහසේ පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ මොවුන් දෙදෙනාම කොස්ගොඩ පොලිස් වසමට අයත් ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් සිර මැදිරියෙන් පලා ගිය සැකකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව කොස්ගොඩ පොලීසිය වැඩිදුරටත් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
2
+1
1
+1
+1













