නිරිතදිග මෝසම ආරම්භවන අවස්ථාව වන විටත් එල්නිනෝ තත්ත්වයක් – අපේක්ෂිත වැසි අඩුවෙයි

නිරිතදිග මෝසම ආරම්භවන අවස්ථාව වන විට එල්නිනෝ තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මැයි මාසයේ සිට ක්‍රමක්‍රමයෙන් මෙම එල්නිනෝ තත්ත්ව වර්ධනය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසන්නේ.

මේ හේතුවෙන් නිරිතදිග මෝසමේ වැසි තත්ත්වය තරමක අඩුවීමේ හැකියාවක් පවතින බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් මැයි 15න් පසුව නිරිත දිග මෝසමේ කාලපරිච්චේදයට අනුරූපව සුළං හමන රටාවේ වෙනස්වීමක් අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව නිරිත කොටසේ උදෑසන කාලයේ සිට වැසි තත්ත්වයන් නිර්මාණය වන බවයි පහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මෙම තත්ත්වය මත පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

“මැයි 15න් පස්සේ නිරිත දිග මෝසමේ කාලපරිච්චේදයට අනුරූපව සුළං හමන රටා වෙනස්වීමක් අපිට පෙන්නුම් කරනවා. එවැනි අවස්ථාවල දී බොහෝ විට නිරිත දිග කොටසේ සාමාන්‍යයෙන් වැසි තත්ත්වයන නිර්මාණය වෙනවා. උදේ ඉඳන් චිරි චිරි වැස්සක්. අකුණු ප්‍රමාණය අඩු වෙන්න පුලුවන්. එසේ ටිකෙන් ටික වැස්ස ලැබෙනකොට අධික උණුසුම ක්‍රම ක්‍රමයෙන් පහව යයි කියන එක අපි ජනතාවට මතක් කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
33
+1
7
+1
5
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01