ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විශේෂ පරීක්ෂණක්

ගාල්ල බන්ධනාගාරයේ ඊයේ (03) සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස්, ඒ.සී. ගජනායක ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවීම සඳහා එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයෙකුට උපදෙස් දී ඇති බවයි.

ඊයේ (03) පස්වරුවේ මෙම සිදුවීම සිදු වූයේ බන්ධනාගාර පරිශ්‍රයෙන් රැඳවියන් දෙදෙනෙකු පැන යාමට උත්සාහ කිරීමත් සමඟයි.

බන්ධනාගාර නිලධාරීන් පැන යාම වැළැක්වීම සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, එම වෙඩි තැබීමෙන් එක් රැඳවියෙකු තුවාල ලැබුවා.

වෙඩි වැදුණු රැඳවියා ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අනෙක් රැඳවියා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්