මාලේ ජනපතිගේ අනියම් සබඳතා ගැන වාර්තා කළ මාධ්‍ය ආයතනය පොලිසියෙන් වටලයි

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කිරීමත් සමඟ, එරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් පොලිස් පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

මාලදිවයිනේ “Adhadhu” පුවත් සේවය විසින් පසුගියදා විශේෂ වාර්තාවක් පළ කරමින් කියා සිටියේ ජනාධිපති මොහොමඩ් මුයිසු සහ විදේශීය කාන්තාවක අතර පෞද්ගලික සබඳතාවක් පවතින බවයි.

මෙම වාර්තාව ප්‍රසිද්ධ වීමත් සමඟ මාලදිවයින් පොලිසිය අධිකරණ නියෝගයක් මත අදාළ මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයාගේ පුද්ගලිකත්වයට හානි වන අයුරින් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අයුරින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බවයි.

කෙසේ වෙතත්, “Adhadhu” පුවත් සේවය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් වාර්තා කළේ තහවුරු කළ තොරතුරු බවයි.

මෙම වැටලීම සම්බන්ධයෙන් අදහස් දක්වන එරට විපක්ෂ කණ්ඩායම් සහ මාධ්‍ය සංවිධාන, මෙය මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් ලෙස හඳුන්වනවා.

බලය භාවිතා කරමින් මාධ්‍ය මර්දනය කිරීම වහාම නතර කළ යුතු බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.

මේ වන විටත් අදාළ මාධ්‍ය ආයතනයේ පරිගණක සහ දත්ත ගබඩා පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48