පළාත් 06කට අදාළ වන පරිදි කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උතුරු, උතුරු – මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අද (02) පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted