AFC Banner
Empty Ad
Empty Ad

ධීවරයින් පිරිසකට මුහුදේ දී ප්‍රහාරයක්

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව තිබේ.

ධීවරයින් පවසන්නේ මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ට පැය කිහිපයක් තිස්සේ පහරදුන් බවය. 

අද පස්වරුවේ ප්‍රහාරයට ලක්වූ ධීවරයින් රැගත් යාත්‍රා දෙක දික්ඕවිට වරායට සේන්දු වුණි. 

අප වාර්තාකරු පැවසුවේ, එහිදී දරුණු ලෙස පහරකෑම්වලට ලක්වූ තිදෙනකු මීගමුව මහ රෝහලට රැගෙන ගිය බවය. 

සිද්ධියට මුහුණදුන් ධීවරයින් රැගත් බහුදින යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ මැයි මස 07 වැනිදාය.

එම යාත්‍රා දෙකේ ගමන් ගත් ධීවරයින් සංඛ්‍යාව 13කි. 

ධීවරයින් පවසන්නේ, පසුගිය 4 වැනිදා යාත්‍රා දෙකට ගොඩ වූ ඉන්දීය නාවික සෙබළුන් පිරිසක් තමන්ට පහරදුන් බවය. 

පහරදීමෙන් පසුව යාත්‍රාවේ තිබූ පටිගත කිරීම් උපකරණ පවා කඩා දැමූ බව ධීවරයින් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?