මුහුදේ සිද්ධ වෙනදේ අපිට කියන්න බැහැ : වාරකන් කාලයට කැස්බෑවෝ කොහොමත් මැරෙනවා

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු හේතුවෙන් වියහැකි බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.

“මුහුදේ සිද්ධ වෙන දේ අපට පාලනය කරන්න බැහැ. මේ වාරකන් කාලෙ බොහෝ අනතුරු වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මම පරිසරවේදියෙක් නෙවෙයි, නමුත් මම දැක්කා සමහර පරිසරවේදියො සමාජ මාධ්‍ය ජාලවල කියලා තියෙනවා, වාරකන් කාලයට සත්තු අනතුරුවලට ලක්වෙනවා. ඉතිං වාරකන් කාලයට ගොඩබිමට සතෙක් ගහගෙන ආවාම ඒක අසාමාන්‍ය සිද්ධියක් වෙන්නෙ නැහැ. නමුත් මේ වෙලාවෙ මේ නැවේ අනතුර තියෙන නිසා හැම කෙනෙක්ම මේක සෘජුව සම්බන්ධ කරන්න බලනවා ඒකට” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ගොඩහේවා පවසනවා.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඊයේ දිනය දක්වා මෙරට ප්‍රදේශ කිහිපයකට ගසා ගෙන ආ කැස්බෑවුන් 50ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 08 දෙනෙකු, තල්මසෙකුගේ සිරුරූ හමුවී ඇති අතර තවත් මුහුදු මත්ස්‍යයින් රාශියක් මියගොස් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42