ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ හමුවේ කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ, ලද පැමිණිල්ලකට අනුව පොදු දේපළ පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් කටයුතු කළ මූල්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනෙකුගේ විදේශ ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

එසේම, අදාළ නිලධාරීන් පස් දෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටද අධිකරණයෙන් විමර්ශන නිලධාරීන්ට අවසර ලබා දුන්නා.

මෙම සූක්ෂම වංචාව සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශන සිදු කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා, පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනයේ (CERT) ප්‍රධානියා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයා නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අධිකරණය අවසර ලබා දුන්නා.

විමර්ශනවල සංවේදී හා සූක්ෂමභාවය සැලකිල්ලට ගනිමින්, නඩු ගොනුව අධිකරණයේ සේප්පුවක බහා තබන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙවැනි අපරාධයක් සිදුව ඇත්නම් ඊට වගකිවයුත්තන් කවුරුන්ද යන්න කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම් සලකා බැලූ අධිකරණයෙන් මෙලෙස නියෝග නිකුත් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අපරාධමය වරද සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසත් අපරාධයක් වී ඇත්නම් එය සිදු කර ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට මෙවැනි වැරදි සිදුවීම වළක්වා ලීමට වහාම කෙටි පියවර ගන්නා ලෙස මහ බැංකුවට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03