තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකාවට ගෙවූ ඩොලර් ලක්ෂ 06ක් අතුරුදන්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු තැපැල් සේවය (US Post) වෙත ගෙවීම් කරන ලද මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 600,000 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අදාළ මුදල මේ වන තෙක් තමන්ට ලැබී නොමැති බවට අමෙරිකානු තැපැල් සේවය කළ දැනුම්දීමකට අනුව මෙම විමර්ශන ආරම්භ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
13
+1
3
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted