හර්ෂණ සූරියප් ප්පෙරුමගේ නිවස ආසනන්යේ දී තමා ඇතුළු පිරිසක් සිදු කරනු ලැබූ උද්ඝෝෂණයට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණි කරන බව නව ජනතා පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයකු වූ සුගීෂ්වර බණ්ඩාර පවසනවා.
ඔහු ඇතුළු පිරිසක් විසින් අද (28) උදෑසන මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප් ප්පෙරුමගේ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එහිදී එම උද්ඝෝෂණයට විරෝධය දැක්වූ ප්‍රදේශවාසීන් යැයි කියා ගන්නා පිරිසක් විසින් උද්ඝෝෂණයේ නියතු පිරිසට ගොම ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අද (28) පස්වරුවේ නව ජනතා පෙරමුණ විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී සුගීෂ්වර බණ්ඩාර කියා සිටියේ මෙම ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලය විසින් සංවිධානාත්මකව මෙහෙයවා ඇති බවයි.
එමෙන්ම ඔවුන් විසින් සිදුකළේ හුදෙක් සාමකාමී උද්ඝෝෂණයක් බවත්, එම උද්ඝෝෂණයට ප්‍රහාර එල්ල කිරීම තරගයේ හෙළා දකින බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පවා පැමිණිලි කරන බව සුගීෂ්වර බණ්ඩාර සඳහන් කළා.













