ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අසල දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් ඊයේ (27) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තවත් මගීන් පිරිසක් න් සුන්බුන් අතර සිරවී සිටින බවට වාර්තා වනවා.
අද (28) අලුයම වනවිටත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජකර්තාට යාබදව පිහිටි බෙකාසි නගරයේ දුම්රිය ස්ථානයේ දී දුම්රිය දෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













