පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පාර්ශවයේ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මන්ත්‍රීවරයා ඉලවාලි පොලිසියට පමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
6
+1
+1
+1
+1













