රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භික්ෂූන් 22ක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත

ඊයේ (25) රාත්‍රී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී සැකකාර චීවරධාරින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ , විවිධ රසකැවිළි සමඟ ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ කිලෝ ග්‍රෑම් 110 කට අධික කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබිය දී සොයාගෙන ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති බව වාර්තා වන්නේ.

මෙම සැකකාරු චීවරධාරින් අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත පසුගිය 22වනදා මෙරටින් තායිලන්තය බලා ගොස් ඇති අතර එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබිය දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ (25) දින රාත්‍රී 10.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම සැකකාර චීවරධාරින් දිවයින් පුරා විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින තරුණ චීවරධාරින් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර චීවරධාරින් අද (26) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. ප්‍රවෘත්ති වාර්තා කරන්න කලින් සිංහල ඉගෙන ගෙන එන්න.බික්ෂුව සහ චීවරධාරීන් අතර වෙනස හදුන ගන්න මුලින්ම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10