සාෆ් තරගාවලියට ඉන්දියාවට යන්න පාකිස්ථාන කාන්තාවන්ට අවසර අහිමි වෙයි

ප්‍රතිවාදී රටවල් දෙක අතර පවතින භූ දේශපාලනික ආතතිය මධ්‍යයේ ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන තීරණාත්මක දකුණු ආසියානු තරඟාවලියකට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තානය තම කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට අවසර ලබා දී නැතැයි වාර්තා වනවා.

වෙරළබඩ ප්‍රාන්තයක් වන ගෝවාහි දශකයකට පසු ඉන්දියාව මැයි 25 සිට ජුනි 7 දක්වා දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දැරීමට නියමිතයි.

පස් වතාවක් ශූරියන් වන ඉන්දියාව මව්බිමේ දී ශූරතාව නැවත ලබා ගැනීමට බලාපොරොත්තු වනවා.

තීරණයට හේතුව නොදක්වා අදාළ බලධාරීන් විසින් අවසර ලබාදී නැතැයි පාකිස්තාන පාපන්දු සම්මේලනයේ ප්‍රකාශකයෙකු අල් ජසීරා වෙත පවසා තිබුණා..

බදාදා එළිදැක්වූ SAFF කාන්තා ශූරතාවලියේ කාලසටහනට පාකිස්තානය ඇතුළත් වූයේ නැහැ.

2010 දී එහි ආරම්භක සංස්කරණයේ සිට දළ වශයෙන් සෑම වසර දෙකකට වරක් පවත්වන ලද SAFF කාන්තා ශූරතාවලිය අවසන් වරට 2024 දී නේපාලයේදී පැවැත්වුණා.

එහිදී බංග්ලාදේශය අවසන් මහා තරඟයේදී සත්කාරක කණ්ඩායම පරාජය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්