ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.
ඒ, අනුව ටෙහෙරානයේ ඉමාම් කොමේනි ගුවන්තොටුපළේ සිට ඉරිදා දිනයේ දී ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹන බවයි වාර්තා වන්නේ.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ මස්කට් සහ ඉස්තාන්බුල් වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් මෙලෙස යළි ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවයි.
සාමාන්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදියර හතරක සැලැස්මක් යටතේ ඉරානය අප්‍රේල් 18 වන දින සිය ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමට කටයුතු කළා.
ඒ අනුව ටෙහෙරානයේ ඉමාම් කොමේනි ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපොළවල් පසුගිය 20 වන දින නැවත විවෘත කිරීමත් සමඟ නැගෙනහිරින් මූලික මෙහෙයුම් ආරම්භ වුණා.













