මධ්‍යම කදුකරයේ මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළ බැසීමත් සමඟ එම ජලාශයට යටව තිබූ පැරණි මස්කෙළිය නගරයේ නටබුන් මතුව තිබෙනවා.
මෙම ජලාශයේ ජලය බැස යාමත් සමඟ එම ජලාශයට යටව තිබු බුදු පිළිමය, හිංදු කෝවිල, පැරනි පාලම මෙසේ මතුව ඇති අතර මෙම ප්‍රදේශයට සවස්කාලයේ වැසි පතිත වුවද ජලාශයේ ජල මට්ටම ඉහල යාමට තරම් ප්‍රමානවත් ලෙස ජලය නොලැබෙන බව එම ජලාශබාර නිලධාරියෙක් සඳහන් කළා.
ඊයේ (22) දින සවස් වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 35යි අගල් 04කින්ද, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 42යි අගල් 09කින්ද පහල බැස ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













