ධාවනය වූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී අයෙක් ජීවිතක්ෂයට

ඇඹිලිපිටිය පොලිස් වසමේ මහවැලි නිළ නිවාස ප්‍රදේශයේදී ඊයේ (22) දින රාත්‍රී ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී යතුරුපැදිකරු හා පසුපැදිකාරිය බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ වන විටත් පැදිකරු මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ පසුපැදිකාරිය මේ වන විට ඇඹිලිපිටිය රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !