රුසියානු තරුණියක් කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියට බිලි

බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් විදෙස් ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී අද (19) පෙරවරුවේ මෙම විදෙස් ජාතික තරුණිය දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙලෙස දුම්රියේ ගැටී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක රුසියානු ජාතික තරුණියක්.

අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වී තිබී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
10
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්