සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභා අනුමැතිය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කර තිබෙනවා.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නීතිඥ
ලක්මාලි හේමචන්ද්‍ර යන පිරිසගේ සහභාගීත්වයෙන් පසුගිය 02 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

2026 අයවැය මගින් යෝජනා කරන ලද බදු ප්‍රතිපත්ති සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතට මෙලෙස සංශෝධන එක් කොට තිබෙනවා.

ඒ අනුව මෙම සංශෝධන මගින් 2026 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචියට අදාළ වන වාර්ෂික පිරිවැටුම් සීමාව රු. මිලියන 60 සිට රු. මිලියන 36 දක්වා අඩු කිරීම සහ 2026 මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයනික අවස්ථාවේ දී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හා තොග හෝ සිල්ලර වෙළඳාමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කිරීම සිදු වන බව නිලධාරීන් කාරක සභාව පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සහ එකතු කළ අගය මත බද්ද (VAT) යන බදු දෙවර්ගය සංශෝධනය කොට එක් බදු වර්ගයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව දැනට පවතින බදු ආදායම් නොවෙනස්ව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පැහැදිලි කළ නිලධාරීන් ඉදිරියේදී එම බදු ව්‍යුහය සංශෝධනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව පවසා සිටියා.

තවද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව අපනයනකරුවන්ට දේශීය ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමට පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් 2473/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති 2026
අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති සඳහා කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.

ඒ අනුව 2024 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති මෙමගින් සංශෝධනය වනවා.

2024 රීති රාමුවට අනුව අපනයනකරුවන්ට තම අපනයන ආදායමෙන් 10%ක් දක්වා ආයෝජනය කිරීමට අවසර දී ඇත්තේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBS) වල පමණයි.

කෙසේ වෙතත් 2026 සංශෝධිත නව රීති මඟින් තනි බැඳුම්කර වර්ගයකට ඇති සීමාව ඉවත් කර ඇති අතර අපනයනකරුවන්ට දැන් එම 10% රජය විසින් නිකුත් කරනු ලබන විදේශ මුදලින් නිරූපිත ණය සුරැකුමක (බැඳුම්කර) ආයෝජනය කළ හැකි බව නිලධාරීහු කාරක සභාවට දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11