නවසීලන්ත ‘A’ ක්‍රිකට් කණ්ඩායම තරගාවලි සංචාරයකට දිවයිනට

නවසීලන්ත ‘A’ ක්‍රිකට් කණ්ඩායම තරගාවලි සංචාරයක් සඳහා අද (03) අලුයම දිවයිනට පැමිණියා.

සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් – 468 දරණ ගුවන් යානයෙන් මෙම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ ‘දසත නිව්ස්’ වාර්තාකරු සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි නවසීලන්ත ‘A’ කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

නවසීලන්ත ‘A’ කණ්ඩායම ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමඟ එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකකට සහභාගීවීමට නියමිතයි.

ඒ, අනුව පළමු එක්දින තරගය ලබන 05 වනදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර, දෙවන සහ තුන්වන එක්දින තරග ලබන 08 සහ 11 වනදා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

සිව්දින තරගාවලියේ පළමු තරගය සූරියවැව ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් 16 වනදා දින සිට 19 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර, දෙවන සිව්දින තරගය අප්‍රේල් 23 වනදා සිට 26 වනදා දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10