ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා තමන්ට අවශ්‍ය විරෝධතා නොමැති සහතිකය (NOC) නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නුවන් තුෂාර විසින් මෙම නඩුව ගොනුකර ඇති බවයි වාර්තා වුණේ.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නම් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
4
+1
+1
1
+1
+1
1













