පානීය ජල හිඟය නිරීක්ෂණයට හා කළමනාකරණයට ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.
වියළි කාලගුණය හේතුවෙන් ශීඝ්‍රයෙන් සිදෙමින් පවතින ජල මුලාශ්‍ර සහ එමඟින් සීමාවෙමින් පවතින නිෂ්පාදන ධාරිතාවය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ජල නිෂ්පාදනය සහ බෙදාහැරීම නිරීක්ෂණය කිරීමට මෙන්ම පාලනය කිරීම අරමුණෙන් අදාළ විෂය භාර නිලධාරීන්ගෙන් සමන්විත මෙම විශේෂ මෙහෙයුම් කමිටුව පත්කර තිබෙනවා.
ජල මුලාශ්‍රවල පවතින ගැටලු, ජල නිෂ්පාදන ධාරිතාවයන් සහ සැපයුම් රටාවන් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, හඳුනාගත් කාල රාමු තුළ දිනපතා, සතිපතා තත්ත්වය සමාලෝචනය කිරීම මෙම කමිටුව මඟින් සිදුකරනු ලබනවා.
මේ අතර වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වුණා.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන අප්‍රේල් 20 වනදා දකවා වන කාලය තුළ යම් කළමනාකරණයක් යටතේ ජලය සැපයීමට සිදුවන බවයි ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව දී පැවසුවේ.













