AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රසිද්ධ නිළියගේ දුවගේ කොණ්ඩය බලහත්කාරයෙන් කපලා

ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර දී වරලස කපා දැමූ කාන්තාවන් තිදෙනකු ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පානදුර ගොරකාන ප‍්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනිය කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩඋයන ප‍්‍රදේශයේ පදිංචිකාන්තාවන් තිදෙනෙකුයි.

සැකකාරියන් තිදෙනා පෙරේදා රාත‍්‍රී ගොරකාන ප‍්‍රදේශයේ පිහිටි පැමිණිලිකාරියගේ රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහරදී එහි තිබූ කතුර රැගෙන වරලසේ කොටසක් කපා දමා ඇති බවට පැමිණිල්ලේ සඳහන්.

අත්අඩංගුවට පත් සැකකාරියන් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බවත්, දින 14 ක් නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස උපදෙස් දී ඇති බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?