මාසික ඉන්ධන මිල සංශෝධනය මෙම මාසයේදී සිදු නොකරන බවට දැනුම්දීමක්

මාසිකව සිදු කරන‍ මිල සංශෝධනයට අනුව මාර්තු මාසය අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් QR ක්‍රමවේදයට ලබා දෙන ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අද මධ්‍යම රාත්‍රීයේදී සිදු කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා වැඩිදුරටත් පවසා සිටියේ.