කොටුව දුම්රිය ස්ථානයේ පහසුකම් වැඩි දියුණු කිරීමට මිලියන 2,162ක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මරදාන අන්තයේ සහ බම්බලපිටිය අන්තයේ මගී පාලම් ඉවත් කර විශේෂ අවශ්‍යතා ප්‍රවේශය සහිත නව පාලම් ඉදිකිරීම සහ මගී පාලම් සමඟ නව ප්‍රවේශ පත්‍ර කවුළු ඉදිකිරීම සහ තෙමහල් සේවා ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළත් කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා පසුගිය වසරේ ජුනි නසා 02 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණා.

ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කර ලංසු කැඳවා තිබෙනවා.

ආයතන 04 ක් විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර, එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකුල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. MAGA Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 2,162.64ක මුදලකට (බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09