බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද කැබිනට්ටුවට – ඇතැම් බස් රථ අද සිටම ගාස්තු ඉහළ දමලා

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ලංකා සුදු ඩීසල් මිල ගණන් ද ඉහළ යාම හේතුවෙන් එය බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වන විට පවතින බස් ගාස්තුවට 10%කට වඩා වැඩි අගයකින් බලපා ඇති බවයි.

ඒ, අනුව ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය ඊයේ (22) දිනයේම සිදුවිය යුතු බව බස් සංගම් පවසා සිටියා.

එම සංගම් වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යෑම තුළ පවතින බස් ගාස්තුව යටතේ බස් රථ ධාවනය කිරීමට නොහැකිව බස්රථ විශාල සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්ව ඇති බවයි.

එමෙන්ම බස් සංගම් සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යෑම තුළ 15%ත් 20%ත් අතර අගයකින් බස් ගාස්තු ඉහළ දැමිය යුතු බවයි.

මේ අතර ඇතැම් බස්රථ අද (23) දිනයේ සිටම පවතින බස් ගාස්තුවට වඩා වැඩි මිලක් මගීන්ගෙන් අය කිරීමට කටයුතු කරන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23