ලීටර් දහස් ගණනින් ඉන්ධන සඟවාගෙන සිටි දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුව රාමනාදපුරම් පොලිස් වසමේ සින්නසන්දිය ප්‍රදේශයේ දී පෙට්‍රල් ලීටර් 1220ක් සහ ඩීසල් ලීටර් 530ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) රාත්‍රියේ මෙම සැකකරු ඉන්ධන තොයග ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 24ක ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු සන්තකයේ තිබී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2200ක් සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

හුංගම පොලිසිය මඟින් ඊයේ (21) අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු අවුරුදු 80ක මාමඩල, ජංසගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23