IOC සමාගම ඉන්ධන වර්ග දෙකක මිල ඉහළ දමයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකළ නවතම ඉන්ධන මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමානව ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 398ක්.

එමෙන්ම රුපියල් 303ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 382ක් ලෙස දැක්වෙනවා.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් සඳහා වන මිල සංශෝධනයන් පිළිබඳ අවසන් තීරණය එම සමාගම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

රජය විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළා.

ඒ, අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර නව මිල රු.398ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 455.ක් ලෙස සටහන් වනවා.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා අති අතර නව මිල රුපියල් 382ක් ලෙස දැක්වෙන අතර,සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු.443ක් ලෙස දැක්වෙනවා.

භූමිතෙල් මිල ද රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 255ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23