ගාල්ල බන්ධනාගාරයට උඩින් යන්න තිබූ බඩු සමඟ සැකකරුවෙක් අල්ලයි

තාප්පයට ඉහළින් ගාල්ල බන්ධනාගාරය තුළට විසිකිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය, දුම්කොළ, ජංගම දුරකථන සහ චාජර් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගාල්ල පොලිස් වසමේ කන්දෙවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් වැටලීමෙන් දී මෙම සැකකරු සහ අදාළ ද්‍රව්‍ය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 590ක්, දුම්කොළ ග්‍රෑම් 110ක්, දුම්කොළ නැටි ග්‍රෑම් 540ක්, ජංගම දුරකථන 04ක්, ජංගම දුරකථන චාජර් 23ක් සොයා ගැනීමට හැකිවූ බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 30ක අයෙක් වන අතර, ඔහුව වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted