5,765,856 දෙනෙක් අද (20) පස්වරු 2.50 වනවිට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය QR කේතය වෙනුවෙන් ලියාපදිංචි ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය 15 වනදා QR කේතය වෙනුවෙන් 42,899 දෙනෙක් ලියාපදිංචි වී ඇති බවයි.
එමෙන්ම මාර්තු 16 වනදා 337,068 දෙනෙක් ඊට ලියාපදිංචි වී ඇති බවත්, මාර්තු 17 වනදා 395,349 දෙනෙක් සහ මාර්තු 18 වනදා 301,463 දෙනෙක් ලියාපදිංචි වී ඇති බවයි පැවසුවේ.
ඊට අමතරව මාර්තු මස 19 වනදා 654,342ක් සහ ද (20) පස්වරු 2.50 වනවිට 182,189ක් ලියාපදිංචි වී ඇති බවයි සඳහන් කළේ.
එමෙන්ම පසුගිය මාර්තු 15 වනදා සිට නව ලියාපදිංචිවීම් 195,000ක් වාර්තා වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පවසා සිටියා.
ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගැනීම වෙනුවෙන් ලියාපදිංචිවීමේ දී ගැටළුවක් පැන නඟින අයෙකුට 0760 191919 යන වට්ස්ඇප් අංකයට එම ගැටළු ඉදිරිපත් කළ හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම ඉන්ධන භාවිතාවේ දී සිදුවකරන වංචනික ක්‍රියාවන් සහ අවභාවිතයන් පිළිබඳව ද ඉහත දුරකථන අංකයට වට්ස්ඇප් ඔස්සේ පැමිණිලි කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.













