එළඹෙන උත්සව සමයට භාණ්ඩ වර්ග 100 කට සතොසින් වට්ටම්

එළඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ දී අද (20) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ වෙළෙඳපොළේ පවතින පාලන මිලටත් වඩා අඩුවෙන් ලංකා සතොසින් සහල් මිලදීගැනීමට පාරිභෝගික ජනතාවට හිමිවන බවයි.

ත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කිරීම් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඉදිරියේදී තවත් මිල අඩුකිරීම් සිදුකිරීමට ලංකා සතොස ආයතනය සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

මේ අතර එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන පරිදි රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් අද (20) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

“සතොසින් පිරි අවුරුදු සිරි” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 600කට 40% දක්වා වට්ටම් පිරිනැමෙන අතර රුපියල් 2500ට වැඩි සෑම මිළදී ගැනීමක් සදහාම අගනා ත්‍යාග පිරිනමන කූපන් පතක් හිමි වනවා.

එම කූපන් පත් අතරින් ප්‍රවර්ධන වැඩසටහන අවසන් වන අප්‍රේල් මාසය අවසානයේ දී දිනුම් ඇදීමක් මගින් තෝරා ගන්නා ජයග්‍රාහකයන්ට ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්, ඉලෙක්ට්‍රික් ස්කූටර්, ගෘහ භාණ්ඩ කට්ටල, ස්මාර්ට් ජංගම දුරකථන ඇතුළු ත්‍යාග පිරිනමනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26