HelaGo Taxi රියදුරන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක්

මෙරට ටැක්සි රියදුරන්ට රාජ්‍ය වගකීම සහිත විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමේ අරමුණින් HelaGo ශ්‍රී ලාංකීය ටැක්සි සමාගම සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ ටැක්සි රියදුරන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන අනාගත මූල්‍ය සුරක්ෂිතතාව සඳහා තිරසාර විසඳුමක් ලෙස මෙම ස්වෙච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට නියමිතයි.

යෝජිත වැඩපිළිවෙළ යටතේ HelaGo මෙහි තාක්ෂණික පහසුකම් සපයන්නා ලෙස කටයුතු කරමින්, රියදුරන්ගේ කැමැත්ත සහ මූල්‍ය හැකියාව අනුව ඔවුන්ගේ ආදායමෙන් විශ්‍රාම වැටුප් දායකත්වයන් ඍජුවම ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයට බැර කිරීමට පහසුකම් සලසනු ඇති අතර බලයලත් රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් මෙම අරමුදල කළමණාකරණය කරමින්, රියදුරන්ට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු අදාළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබාදීමට නියමිතයි.


මෙය හුදෙක් දෛනික ආදායමෙන් ඔබ්බට ගොස් රියදුරන්ගේ දිගුකාලීන යහපැවැත්ම වෙනුවෙන් පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය එක්ව ගත් සුවිශේෂී පියවරක් වන අතර, අදාළ තාක්ෂණික ඒකාබද්ධවීම් අවසන් වූ පසු මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචි වීමේ තොරතුරු රියදුරන් වෙත දැනුම් දෙන බවයි HelaGo සමාගම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22