බදාදා දිනය සේවකයින්ට නිවාඩු ලබාදෙන ලෙස පුද්ගලික අංශය වෙත ඉල්ලීමක් රජය විසින් සිදුකර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.
මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කර සිටියා.
ඒ, අනුව ඇතැම් පුද්ගලික ආයතන ඊට ප්‍රතිචාර දක්වා ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ අතර බදාදා දිනයේ දී පොදු ප්‍රවාහනයේ සීමා කිරීමක් සිදුකරන බව සඳහන් කළ අමාත්‍යවරයා පෞද්ගලික වාහන භාවිත කරන ආයතනික සේවකයන්, ආයතනික වශයෙන් පොදු ප්‍රවාහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙසට ද ඉල්ලීමක් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
+1
2













