තම රටේ තෙල් නොමැතිව ගෝලීය බලශක්ති වෙළඳපොළට ස්ථාවරව පැවතිය නොහැකි බව රුසියාව පවසනවා.
රුසියානු තෙල් නොමැතිව ගෝලීය බලශක්ති වෙළඳපොළට ස්ථාවරව පැවතිය නොහැකි බව ඇමරිකා එක්සත් ජනපදය මේ වනවිට පිළිගෙන ඇති බවයි රුසියාවේ ආර්ථික නියෝජිත කිරිල් දිමිත්‍රීව් පැවසුවේ.
යුද්ධය අතරතුර “ගෝලීය බලශක්ති වෙළඳපොළවල ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම” සඳහා මුහුදේ යාත්‍රාවලට පටවා ඇති අනුමත කරන ලද රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය රටවලට අවසර ලබාදී සම්බාධක ඉවත් කිරීමෙන් පසුව ඔහු මෙම අදහස් පළවුණා.
පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය සම්බන්ධ යුද්ධයක් පුපුරා යාමෙන් පසු ගෝලීය තෙල් සැපයුම්වල තියුණු බාධාවක් මධ්‍යයේ ඇමරිකාව මෙම අවසරය ලබා දුන්නා.
කෙසේ වෙතත් ඇමරිකාව සඳහන් කළේ රුසියානු ලබාගැනීමට ලබාදුන් මෙම සහන කාලය දින තිහකට පමණක් ලබා දී ඇති බවයි
මැදපෙරදිග කලාපයේ සටන් හේතුවෙන් ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය නතර වී ඇති අතර එය සාමාන්‍යයෙන් ගෝලීය තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරනවා.



