‘IRIS Dena’ නෞකාවේ සිටි නාවිකයන්ගේ නිසල සිරුරු සම්බන්ධයෙන් නියෝගයක්

2026 පෙබ­ර­වාරි මස 15 වැනි දින සිට 25 වැනි දින දක්වා ඉන්දීය නාවික හමුදා විසින් යුද්ධ නෞකා අභ්‍යා­ස­යක් පවත්වා ඇති අතර, ඒ සඳහා ඉරාන රජ­යට අයත් යුද්ධ නෞකා තුනක් සහ­භාගි වී ඇති බවත්, මෙම යුද්ධ නෞකා අභ්‍යාස අව­සන් වීමෙන් පසු ඉරා­නය බලා පිට­ත්වී­මට සූදා­නම් වන අව­ස්ථා­වේදී ඇම­රි­කාවේ සහ ඊශ්‍රා­ය­ලය එක්ව ඉරාන රජ­යට එල්ල කරන ලද යුද්ධ ප්‍රහාර හමුවේ ඉන්දීය යුද්ධ අභ්‍යා­ස­යට පැමිණි ඉරාන රජ­යට අයත් IRIS DENA නෞකාව ටෝපිඩෝ ප්‍රහා­ර­ය­කට ලක් වු බව පොලිසිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.

එම ප්‍රහා­ර­යෙන් ඉරාන නාවික භට­යන් 84 දෙනෙක් මිය­ගිය අතර 32 දෙන­ක්ගේ දිවි බේරා ගැනී­මට ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමු­දා­වට හැකි වුණා.

තවත් ඉරාන නාවික භට­යන් රැසක් අතු­රු­දන් වු බවද එම සොයා ගත් මෘත දේහ දැනට ගාල්ල ජාතික රෝහලේ ශිතාගාර දෙකක් තුළ තැන්පත් කර ඇති බව ද දැනුම් දුන්නේ ය. එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ දැනට ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙසයි.

ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත අද (11) පෙරවරුවේ නියෝග නිකුත් කළා.

ගාල්ල වරාය පොලීසිය විසින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56
Video thumbnail
මාර්ගයට හදිසියේම කඩා පැන්න ඇතෙක් දරුවෙකු ඉන්න යතුරුපැදියක් පසුපස පන්නන අයුරු
01:26
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27
Video thumbnail
ශානි, රවීලා තනතුරු ගත්තේ JVP වේදිකාවට නැගලා - කොහොමද සලේට සාධාරණයක් වෙන්නේ
02:49
Video thumbnail
159ට හිතක් පපුවක් නෑ..හැඟීම් දැනීම් නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි
04:25
Video thumbnail
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම ගැන චන්දන හෙළිකරපු දේ - එදා නීතිය තමන්ට ඕනි විදියට නමා ගත්තා
05:05
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59