රටම කතා වූ රන් මාල කොල්ලකරුගේ පැටිකිරිය එළියට – දින 07 කට රැඳවුම් නියෝග (වීඩියෝ)

වෙන්නප්පුව, තඹරවිල ප්‍රදේශයේ දී තරුණියක් ගෙළ බැද සිටි රන් මාලයක් කොල්ලකා පළායාමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදුන් සැකකරු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, මාරවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී අර්ථනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පෙරේදා (08) දහවල් කාලයේ මෙම සැකකරු යතුරුපැදියකින් පැමිණ, යතුරුපැදියකින් යමින් සිටි තරුණියකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කා පලායාම උත්සාහා කිරීමේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගනු ලැබුවා.

මෙම සැකකරු උතුරු කළුතර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇප මත නිදහස්ව පැමිණ ඇත්තේ මීට දින කීපයකට පෙර බව ද විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම නුගේගොඩ, තලංගම, පානදුර ඇතුළු ප්‍රදේශවල රන් මාල කොල්ලකෑම් රැසක් සැකකරු විසින් සිදුකළ බවට ද පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් එලෙස කොල්ල කන රන් මාල ඔහුගේ මව විසින් නැවත සකස්කර අලෙවි කිරීම සිදුකර ඇති බවට ද පොලිස් විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව සැකකරුගේ මව ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, ඇය විසින් රන් ආභරණ උකස් තබා හෝ අලෙවි කර ඇති ස්ථාන සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
23
+1
7
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54