ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර කළා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 303ක් ලෙස දැක්වෙනවා.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 353ක්.
එමෙන්මවම් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක් ලෙසයි දැක්වෙන්නේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් වනවා.
එමෙන්ම භූමිතෙල් මිල රුපියල් 13කි ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 195ක් දක්වා මිල ඉහල ගොස් තිබෙනවා.



