මහ පාර බද්ධට ගත් නොහික්මුණු යතුරුපැදිකරු අත්අඩංගුවට

තරුණයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට බාධාවන අයුරින් අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කල වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා.

ඒ අනුව පොලිසිය පවසන්නේ අදාළ වීඩියෝවේ සිටින යතුරුපඩිය ධාවනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගේත් බවයි.

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී එම යතුරුපැදිය ආණමඩුව – නවගත්තේගම මාර්ගයේ ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඊයේ (08) පස්වරුවේ නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම යතුරුපැදිය ධාවනය කළ පැදිකරු අපරීක්ෂාකාරි ලෙස හා අන්තරාදායක ලෙස යතුරුපැදිය ධාවනය කර මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට හා යතුරුපැදිකරුවන්ට අනතුරක් සිදුකර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන චෝදනා යටතේ අදාළ යතුරුපැදිය ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 19ක නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතවව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26