ඉරාන යුද නැව ගිල්ල වූ ඇමරිකානු සබ්මැරීනයේ ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙක්

ඉරානයට අයත් යුද නෞකාවක් වන අයිරිස් ඩෙනා නෞකාවට ඉන්දියන් සාගරයේ දී ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළ එක්සත් ජනපද සබ්මැරීනයේ ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙක් සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ස්කයි නිවුස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කළා.

“අපි සාමාන්‍යයෙන් එවැනි ගැටළුවක් තහවුරු නොකරමු, නමුත් අපගේ ජාතික ආරක්ෂක කමිටු රැස්වීම් සහ මහජන උනන්දුව සැලකිල්ලට ගෙන, එම නෞකාවේ ඕස්ට්‍රේලියානු පුද්ගලයින් තිදෙනෙකු සිටි බව මට තහවුරු කළ හැකියි, කෙසේ වෙතත්, කිසිදු ඕස්ට්‍රේලියානු පුද්ගලයෙකු ඉරානයට එරෙහි කිසිදු ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගයකට සහභාගී වී නොමැති බව මට තහවුරු කළ හැකිය.” ඇල්බනීස් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු-එක්සත් ජනපද හමුදා ගිවිසුමේ කොටසක් ලෙස
මිත්‍ර හමුදා සමඟ එම ඕස්ට්‍රේලියානුවන් තිදෙනා සබ්මැරීනයේ “අත්දැකීම්” ලබාගනිමින් සිටින බවයි.

අයිරිස් ඩෙනා ඉරාන යුද නෞකාවට පෙරේදා අලුයම් කාලයේ එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයෙන් වශයෙන් ඉරාන නාවිකයින් 87 දෙනෙකු මිය ගිය අතර,තවත් 32 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවා.

මෙම එක්සත් ජනපද ප්‍රහාරයෙන් පසු තවත් නාවිකයින් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
4
+1
1
+1
5
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38