වාහන ආනයනකරුවන්ගෙන් ප්‍රකාශයක්

මීට පෙර දින ගණනකට හෝ මාස කිහිපයකට වරක් සිදු වුණු රථ වාහන මිල ඉහළ යාම මේවන විට දෛනිකව සිදුවීමට පටන්ගෙන ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එම සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ ප්‍රකාශ කළේ ආනායනය සීමාකර ඇති නිසාත්, ඒ හේතුවෙන් වෙළඳපොළ තුළ වාහන හිඟ වීම නිසාත් මෙවන් තත්ත්වයක් හටගෙන ඇති බවයි. 

එමෙන්ම මෙලෙස දෛනිකව මිල ඉහළ යාම පිළිබඳ දැනගන්නා පුද්ගලයින් එම මිල තවදුරටත් ඉහළ යාමට පෙර වාහන මිලදීගන්නට පෙළඹීම නිසා මිල ඉහළ යාම තවදුරටත් වේගවත් වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙනවා.

මෙම මිල ඉහළ යාම විශේෂයෙන් ජනප්‍රිය වාහන වර්ගවලට බලපා ඇති බව යි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ.

වැගන් ආර්, ටොයෝටා හයිඒස්, ප්‍රිමියෝ සහ මිනි කැබ් ආදිය ඒ අතරවන බව ඔහු පැවසුවා.

එමෙන්ම මෝටර් රථ අළෙවි සැල්වලින් 75%ක් පමණ මේවන විට වසා දමා ඇති බව ඔහු අනාවරණය කරනවා.

මෙවන් තත්ත්වයක් මත රථ වාහන අළෙවි ක්ෂේත්‍රයේ විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බවත්, රථ වාහන ව්‍යාපාරිකයන්ගෙන් 90%ක් දෙනා බැංකුවලින් ණය ලබාගෙන ඇති බවත්, එම නිසා රථ වාහන ආනයනයට යලි අවසර ලැබෙන තෙක් බැංකුවලින් යම් සහනයක් ලබා දීම සඳහා රජය මැදිහත් විය යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38