පැරීසියේ හොඳම බෑගට් සාදන්නා ලෙස යළිත් ශ්‍රී ලාංකිකයෙක් කිරුළු දරයි

ශ්‍රී ලංකාවේ උපන් බේකරිකරුවෙකු වන සිතම්පරපිල්ලෙයි ජෙගතීපන්, පැරීසියේ හොඳම බෑගට් සාදන බේකරිකරු බවට පත්ව තිබෙනවා.

තරඟකරුවන් 142 දෙනෙකු පරාජය කරමින් ජෙගතීපන්, මෙවර ග්‍රෑන්ඩ් ප්‍රී ඩි ලා බැගුවේට් ද ට්‍රැඩිෂන් ෆ්‍රැන්චයිස් ද ලා විලේ ද පැරිස් 2026 ශූරතාව මෙලෙස දිනා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ ඔහුගේ බේකරිය වන ෆෝර්නිල් ඩිඩොට් බේකරිය යුරෝ 4,000 ත්‍යාග මුදලක් හිමිකරගත් අතර,
එලිසී මාලිගයට බෑගට් සැපයීමේ වසරක කොන්ත්‍රාත්තුවක් ද හිමිකර ගනු ලැබුවා.

මේ අතර 2023 වර්ෂයේ දී, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බේකරිකරුවෙක් වන තර්ෂාන් සෙල්වරාජා, පැරිසියේ හොඳම බෑගට් සඳහා වූ තරඟය ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමින් ඉතිහාසයට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !