ඇමති බන්දුලගෙන් තවත් ගැසට් නිවේදනයක්

වී,‍ සහල්, සීනි , කිරිපිටි සහ බඩ ඉරිඟු ගබඩා පවත්වාගෙන යන පුද්ගලයින් සතියක කාලයක් ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට වන ගැසට් නිවේදනයක් අද (11) නිකුත් කිරීමට නියමිතව තිබේ.

අද (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

“සඟවගෙන තියෙන වී සහ සහල් තොග එළියට ගන්න හා ඒ තුළින් ඉදිරියේ දී ගන්න තීරණ මොනවා ද කියලා බැලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතේ 10 වන වගන්තියට අනුව අද දින විශේෂිත ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. වී,‍ සහල්, සීනි, කිරිපිටි සහ බඩ ඉරිඟු ගබඩා පවත්වාගෙන යන සියලුදෙනා සතියක් ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි. ඒ අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ පවතින සියලුම තොග පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීමට අවශ්‍ය විදිවිධාන නීතියෙන් අද සිට පනවනවා. තමන්ගේ ගොවිතැන් බත කරගෙන ඉන්න ගොවීන්ට තමන්ගේ නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ ගැසට් නිවේදනයේ විදිවිධාන අදාළ වෙන්නේ නෑ. “

ප්‍රශ්නය – මේ වන විට ගෑස් සිලින්ඩර එක එක බර ප්‍රමාණයෙන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා මැදිහත්වීමක් නැද්ද?

“නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති උපදෙස් පතලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙන්“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16