සංචරණ සීමා දීර්ඝ වෙනවා ද ? හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක්

අද දිනය තුල තහවුරු කර ගත් කොවිඩ් මරණ 101ක් වාර්තාවීම හේතුවෙන් 14 වන දින රට විවෘත කිරීමට ගෙන තිබූ තීරණය 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවට යුද හමුදාපතිවරයා පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කෙටි පණිවුඩය ව්‍යාජ එකක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ එහි කිසිදු සත්‍යතාවත් නොමැති බවයි.

මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ 14 වන දින දැනට පවතින සංචරණ සීමා ලිහිල් කෙරුණ ද එය සිදුවන්නේ දැඩි කොන්දේසි මත බවයි.

ඒ අනුව පළාත් අතර ගමනාගමනය තවදුරටත් සීමා කෙරෙන අතර කාර්යාලවලට සේවක සේවිකාවන් කැඳවීමේ සීමාවන් ද තවදුරටත් එලෙසම පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවස්ථාව පවතින බව ඔහු සඳහන් කළා. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධන බලකාය හෙට දින රැස්වී සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38